Friday, April 10, 2015

රතුපාට හීන

නයනි -  අනේ ඇටකටු කුඩු වෙයි මගේ. ඔච්චර හයියෙන් මිරිකලා.

මිනුර-   මට මොකෝ. මට නම් ගාණක් වත් නෑ.

නයනි-  ගාණක්වත් නැතුව ඇටකටු ටික කුඩු කරලා දාන්න පුඵවන්ද ?

මිනුර-   ඔව්. ඒ තරමටම මං ආදරෙයි.

නයනි-  ඇත්තමද ඔය කියන්නේ.

මිනුර-   ඇයි අවිශ්වාසද මාව ?

නයනි-  ඔයාව අවිශ්වාස නැහැ. ඒත් මේ හැමදේම හීනයක් වගේ.

මිනුර-   ගොඩක් කල් ඉදන් දැකපු හීනයක්ද ? එකපාරට හැබෑ වුණ හීනයක්ද ?

නයනි-  හිතා ගන්නත් බැරි කාලෙක ඉදන් දැකපු හීනයක්.

මිනුර-   ඒ කිව්වේ.

නයනි-  කලින් ඉපදුණු හැම පාරකදීම මේ හීනෙ හැබෑ වෙන්න කියලා පෙරුම් පුරාගෙන ඉන්න ඇති. ඒත් ඒ                  කිසියම පාරකදිවත්, ඉපදුණු කොයි ආත්මෙකදිවත් මං හිතන්නෙ මේ හීනෙ හැබෑ වුණේ නෑ.

මිනුර-   එහෙනම් මේ පාර හරි ගියෙ.??

නයනි-  ඒ හැම පාරකදිම වෙන හීන දකින්නෙ නැතුව මේ හීනේ ගැනම විතරක් හිතපු නිසා වෙන්න ඇති.

මිනුර -   මට නම් දැනෙනවා ඔයාව කොහේදි හරි හම්බවෙලා පුරුදුයි වගේ. හරිම හුරුපුරුදු ගතියක්  
              දැනෙනවා.

නයනි-  මට නම් පොඩ්ඩක්වත් නෑ.
             ජීවිතෙ ලස්සනම කාලෙකදි, තවත් ලස්සන කරන්න ආපු ලස්සන හීනයක්.



මිනුර-   එහෙම ලස්සනම ලස්සන හීන එකපාරටම ජීවිතේට එන් නෑනේ. ඔයා නෑ කිව්වට කොතනදි හරි                      හම්බවෙලා ඇති.

නයනි-  ඔව්. මූණට මූණ හම්බවෙලා ඇති. කතාබහ කරලත් ඇති. ඒත් අපිට අපිව දැනෙන්න තරම්....මං හිතන්              නෑ.
            දැන් පුඵවන්ද අත ටිකක් බුරුල් කරන්න.

නයනි -  බැහැ. තව හයියෙන් අල්ලන් ඉන්නේ . ඔයාට රිදුනට මට කරන්න දෙයක් නෑ.

මිනුර-   හීන හැබෑ වුණාට නපුරුකම ගිහින් නෑ වගේ.

නයනි -  මේකට කියන්නෙ ආදරණීය නපුරුකම. දැන් ඔයා මගේ ලෝකෙම හින්දා මට මේ ලෝකෙ කිසිම                     දේකින් වැඩක් නෑ. මට හිතෙන්නෙ මං තරම් කෙල්ලෙක් දැන් ලෝකේ නෑ කියලා. දන්නවද. මං                     දැන් queen කෙනෙක් වගේ.

මිනුර -   ඉතින් ඔයා queen වුණා කියල මට රිද්දලා හරියනවද?

නයනි -  ඔව්. ඔයාටත් මං ලොකු ීැැබ ටිකක් දානවා. ඔයා මගේ king නෙ.

මිනුර -   එතකොට මං රාජ්‍ය  බලය පාවිච්චි කරල අන්තඃපුරයෙන් රජ බිසවක් ළගට යනවා.

නයනි -  ඒ සෙල්ලම් දාන්න බෑ දේවයන් වහන්ස. මේ කුමාරිකාව සම`ග. හීනෙන් තමයි. ආ. නෑ. හීනෙන් වත්               බැහැ. ඔයාගෙ හැම හීනෙකවත් ඉන්න. කවුද ? මං විතරයි.

මිනුර -   හ්ම්ම්ම්.. රතුපාටයි නේද අහසම.

නයනි -  අහස විතරද? මේ. අපිත් රතු පාට වෙලා.

මිනුර -   ඔයා දන්නවද? මේ වගේ රතු පාට අහසක් යට, රතු පාට හැන්දෑවක ජීවිතේ බෙදාගන්න කෙනෙක්                   එක්ක ඉන්න මාත් හීනයක් දැක්කා.

නයනි -  ආ... මේ තියෙන්නෙ ඒ හීනෙ.

මිනුර -   ජීවිතේ බෙදාගන්න වුණාට හැමදාම මේ හීනෙ ඇතුළෙ ඉන්න පුඵවන් වෙයිද?

නයනි -  ජීවිතේ කෙළවරක් ආපු දවසට හුස්ම ටික ගිහින් මැරිල යයි. ඒත් හීනෙ ඒ විදියට තියෙයි. හැමදාකම.




මිනුර -   හැමදාකම තිබ්බයි කියල කවුද ඒ හීනෙ දකින්නෙ? ඒක ඇතුලෙ හුස්ම ගන්නෙ? අපි හුස්ම ගන්නෙ                   නැත්නම්. අපි මැරිල නම්.

නයනි -  ඉවර වෙන්නෙ ජීවිතේ විතරනෙ. ආදරේ ඉවරයක් වෙන්නෙ නැහැ.

අනවරථව ගතට දැනුණු කම්පනයෙන් මිනුරගේ හිස කොට්ටයට අඟල් 2 ක් පමණ ඉහළට එසවී නැවත පතිත විය. එම කම්පනය එතරම්ම තීව‍්‍ර වුයේ ඔහුගේ මනසද අතිශය චංචල සිතුවිලි සමුදායක වෙළී තිබු නිසාවෙන් විය හැකිය. ප‍්‍රථමයෙන් දැනුණු කම්පනය ඔහුගේ ජංගම දුරකථනය බවට ඔහුට හැගී ගියේය. එය තවමත් නාද වන අතර ඇමතුම පැමිණෙන්නේ mobitel ring tone සේවාව වෙතින් ”මඟ බලා හඬන දෙනෙතේ” ගීතය ringtone ලෙස සකස් කරගන්නා අයුරු දැනුම් දීමට බව ඔහු නිදිමතින් යුතුව වුවද වටහා ගත්තේය. ඒ මීට පෙර කිහිපවතාවක්ම එම අංකයෙන් මෙම කරදරකාරී ඇමතුම පැමිණි බැවිනි. ඔහු ඇමතුම විසන්ධි කල අතර ඔහුට පැමිණි කෙටි පණිවිඩ කියවන්නට ගත්තේය. 40404 ක් පැමිණි පණිවිඩයක සටහන් වුයේ මහපොළ කප්පාදුවට එරෙහිව පැවැත්වෙන උද්ඝෝෂණයකත් පිලිබඳවය. තවත් පණිවිඩයක සටහන් වුයේ assignment submit කලයුතු අවසන් දිනය හෙට බවය. 32665 තුළින් පැමිණි fb notification 1 ක් තුළ සඳහන් වුයේ පෙරදින රාති‍්‍රයේ තම රූමාගේ මල් බකට් එක සහ කොකු පාටිය අතරතුර ගත් ඡායාරූප කිහිපයකට මිනුර tag වී ඇති බවය.

මේ සියල්ල කියවීමෙන් පසු ඔහු මීට සුඵ මොහොතකට පෙර නිමග්නව සිටි සිහිනය සිහිපත් කළේය. එහෙත් එහි එකදු සිදුවීමක් වත් නිසි සේ මතකයට නඟා ගැනීමට මිනුරට නොහැකි විය. නැවතත් ඔහු දෑස් පියා ගත්තේය.