මැක්සිම් ගෝර්කි කියන්නෙ මුළු ලෝකෙම නොමඳ ගෞරවයට
පාත්‍ර වුණ සුප්‍රකට ලේඛකයෙක්. ගෝර්කි එයාගෙ අම්මා පොතේ සඳහන් කළා ලෝකය නිර්මාණය
වුණේ හිරුගේ රැස් දහරින් සහ අම්මාගේ කිරි වලින් කියලා. අම්මාගේ කිරි ලේ බවට
හැරෙව්වෙ මව් සෙනෙහස. අම්මා කෙනෙක්
දරුවෙක්ට දක්වන සෙනෙහසට අපි නමක් තිබ්බා. “මව්
සෙනෙහස”.
මේ කතාව මෙතනින් පටන් ගත්තට මං මෙතන ඉඳන් පොඩි u
turn එකක් ගහනවා. මං කතා කරන්නෙ හිතන්නෙ ආදරය නැත්නම්
ප්‍රේමය ගැන. මේක දැකපු ගමන් xxxxx ඇති කියල
පැත්තකින් තියන්න නංගිල මල්ලිල අයියල අක්කලට හිතෙන්න පුළුවන්. ඒ තරමටම ආදරය ප්‍රේමය
සමාජයේ පට්ට ගැහෙන නිසා. ඒත් මේක ටිකක් කොත්තුවක් කාලා,
බෙලිමල් එකක් බීලා, ඔළුවෙන් හිටගෙන ආදරේ ගැන හිතනවා වගේ දෙයක්.
ලියලම බලමුකො…
ඉස්කෝලෙ, tuition class එකේ,
campus එකේ, office එකේ ආදර කතා නම් කෝටි ප්‍රකෝටි ගණන්. මේ කතන්දර වලට
අපි නොයෙක් විදියේ නම් යොදාගෙන තියෙනවා. මිත්‍රත්වය, මිතුරු කමට එහා ගිය ළෙන්ගතු
ඇසුර ආදරය, ප්‍රේමය. මේ හැමදෙයකටම පස්සෙ විවාහය කියල නීතිගත බැඳීමක් සමාජයේ සම්මත
වෙලා තියෙනවා. මිනිස්සු ඉපදුන දවසෙ ඉඳන් හදන target ඇතුළෙ
marriage කියන දේට දෙන්නෙ අසීමිත වටිනාකමක්.ඕනම කෙල්ලෙක්
හීන මවනවා හොඳ job එකක් තියන, shades දාලා
car
එකකින් බහින කොල්ලෙක්ව marry කරලා grand
wedding එකක් ගන්න. කොල්ලෙක් හිතන් ඉන්නවා යහපත්ව හැදුණ
වැඩුණ (සුළු වැරදි වලින් තොර) ලස්සන අහිංසක කෙල්ලෙක්ව marry කරන්න.
එක එක්කෙනාගේ ඕනෑ එපාකම් ආසාවන් එක්ක මේ දේවල්
එහා මෙහා වුණත්, මේ තමා පොදු සමාජ අවශ්‍යතාවය. ඒත් මේ විවාහය
කියන එක ගැන අපි ටිකක් විතර ගැඹුරට හිතුවොත් මේක හරියට මිනිස්සුන්ගෙ හිත් වල
ඇතිවෙන ගැළපීමක්, හුරුපුරුදු කමක් සමාජ අවශ්‍යතාවන් මත ටිකක් up කරලා නීතිගත මට්ටමකට ගේන්න කරන පට්ට official
දෙයක් කියල හිතන්න පුළුවන්. ඒත් මිනිස්සු එකතු වෙන්නෙ ආදරය කරන්නෙ බඳින්නම ද? එකතු වීමක ආදරයක අවසාන ප්‍රතිඵලය විවාහය
කියලා සමාජය නිර්මාණය කරගත්තට, විවාහය target කරල
ආදරය කරන්න ගිහින් අපි වැඩ වරද්ද ගන්නෙ නැද්ද?
මේ සංකීර්ණ අංඩර දෙමළය අපි සරල උදාහරණෙකට ගමු.
අපි හිතමු දෙන්නෙක් ඔන්න යාළු වෙනවා. මේ දෙන්න
ආදරය කරන්නත් පටන් ගන්නවා. ඒත් විවාහයට කලින් පවුල් වල හත්මුදු පරම්පරාවල
අග්ගිස්සක ඉන්න පොරකගෙ character certificate අවුල්
නම් හරි, බඩෙන් එළියට එද්දි nurse ලියාගත්ත
වෙලාවට අහසෙ තරු set එක තිබ්බ විදිය match
වෙන් නැති වුණොත් හරි අර couple එකට
කවදාවත් එකතුවෙන්න වෙන් නෑ. මේ හේතුව නිසා මේ දෙන්න affair එක නවත්තනවා. එක නැවැත්තුවට මේ දෙන්නට දෙන්නා
ආදරෙයි. ආයිත් වෙන කෙනෙක් ගැන හිතන්න දෙන්නටම කොහොමත්ම බැහැ. ඒ නිසා affair කියල ලේබල් ගහන් නැතුව එයාලා වෙනදටත් වඩා ආදරය
කරනවා.
ඒත් කොතකක හරි ප්‍රශ්නයක් එනවා. “මොකද්ද මේ වැඩේ තේරුම?” බොහෝ
දුරට ගැහැණු ළමයගෙ පැත්තෙන් මේ ප්‍රශ්නෙ එන්න තියන ඉඩකඩ වැඩියි. ගැහැණු ළමයින්ට ඕන
love කියන concept
එක ඇතුළෙ stable වෙන්න. තේරුමක් නැහැ කියල එයා අදහස් කරන්නෙ අපිට
කවදාවත් බඳින්න වෙන් නෑ කියන එක. ඒත් marriage
කියන concept එකට වඩා කොයිතරම් මේ දෙන්නා හදවත් වලින් එකතු
වෙලාද, ආදරය කරනවද කියල දෙන්නටම ලොකු අවබෝධයක් නැහැ. ඒත් අර marriage කියන
target එකට
ළංවෙන්න බැරි නිසා තමන්ගෙ සම්බන්ධෙ ගැන එයාලගෙන්ම ප්‍රශ්න කරගන්නවා.
මේ අතරෙ සමහරු තමන්ගෙ සම්බන්ධෙට නමක් හොයනවා.
එයාලා හිතනවා කසාද බඳින් නැති නිසා ආදරය,ප්‍රේමය වගේ වචන භාවිතා කරන්න හොඳ නැහැ
කියලා. සංස්කෘතියට සදාචාරයට අප්‍රමාණව වහල් වෙලා, පීඩිත වෙලා කරන තරමක් අසික්ඛිත
වැඩ කර කර ඉන්න රටකට, living together කියන්නෙත්
තිත්ත කුණුහරුපයක් නිසා ඒ වගේ වචනයක් ගැන හිතන්නෙවත් නැහැ. මේ system එක ඇතුළෙ විවාහයෙන් එහා ගිය සවිඥාණික ආදර
සම්බන්ධතා වලට පිළිගත් තත්ත්වයක් ලැබිලා නැති නිසා,
ආදරය කරන අය බොහොම ආයාසයෙන් වෙන් වෙනවා. එහෙම
නැත්නම් ජීවිතේ විඳින්න ඕන දේවල් විඳින්න ඕන කාලෙදි miss
කරගන්නවා.
කොන්දේසි විරහිතව ආදරය කිරීමක් ගැන මිනිස්සු
හිතන්නත් භයයි. හේතුව මේ සමාජය විසින්ම අපේ ඔළුවලට ඔබ්බන marriage වගේ කෘතිම conepts නිසා. ඒ නිසා පැය
24 ම TV එකේ, radio
එකේ, පත්තර, පොත් පත් වල ආදරය ගැන කතා කරාට fb news feed වල ආදරණීය රුවන් වැකි share වුණාට අපි එක තැනකින් සැහෙන්න පසුබැහැලා.
විවාහය කියන්නෙ ජීවිතය වරද්දා ගැනීමක් කියල දැන්
වැරදියට හිතන්න එපා. තමන් ආදරය කරන කෙනාව කසාද බැඳලා දරු පවුලකුත් එක්ක ජීවිතේ
ගෙනියන අය අපි අතරෙ ඕන තරම් ඉන්නවා. ඒත් ඒ මත්තෙම ඕනවට වඩා නැහෙන්න ගිහින් අපි ගාව
තියන දේවල්, අපි ළඟා කරගත්ත දේවල් නැති කරගන්න නරකයි. මොකද ඒ දේවල් ජීවිතේ ආයි
කවදාවත් අපිට හමු නොවෙන දේවල් වෙන්න පුළුවන් නිසා.
මේ අකුරු වලට නහර පිප්පෙන්න, මුහුණු රතු වෙන්න
තියන ඉඩකඩ වැඩියි. ඒ වුණාට හැමෝම කරන දේ ඒ විදියටම අපිත් කරන්න ඕන කියල අපි
කොහෙටවත් බැඳිලා නැහැනේ. අපේ ජීවිත ලස්සන කරගන්න ඕන අපි. ඒ නිසා ආයිත් ජීවිතේ
පහුකරපු දේවල් ගැන කොත්තුවක් කාලා බෙලිමල් එකක් බීලා ගැන ටිකක් වෙනස් ව
හිතමු.
ගිහින් එන්නම්!! ආයි හම්බෙමු!!