Sunday, June 19, 2016

කවුරුත් නැතුව 4 - පැටලෙන්නෙ නැතුව ගොඩඑන්න. ආදරය or අනුකම්පාව....

පැටලෙන්නෙ නැතුව ගොඩඑන්න. ආදරය or අනුකම්පාව....

ඉස්සො වඩේ රහ ඇඟට හිතට වද්දගන්න යාළුවො සේරටම ආයුබෝවන්...! hi..! Salaam!! වනක්කම්...!!


පොර ටෝක්ස් ටිකත් පොදි බැඳගෙන ඔන්න අදත් හිත් අස්සෙ කටු අනින්නයි සූදානම.
පටන් ගමු..!
ඉස්සො වඩේ...!! කවුරුත් නැතුව 4
අද මගේ හෙඩින් එක පැටලෙන්නෙ නැතුව ගොඩඑන්න, ආදරය or අනුකම්පාව. මෙතන පැහැදිලිව අපිට වචන 4ක් පේනවා. ඉස්සරහට ලියන් යන්න නම් මට මේ වචන 4, මගේ ක්‍රමයට අර්ථකථනයන් කරගන්න වෙනවා.

  1.     ආදරය - ආදරය කිව්ව ගමන් මොනාහරි මතක් වුණාද? මතක් වෙනවද?
අන්න ඒක තමා ආදරය. එපමණයි. සදා විශ්වාසයි

   2.     අනුකම්පාව - කම්පාව කියන්නෙ සිත් තැවුල. අනුකම්පාව කියන්නෙ අනුන්ගෙ දුකේදි/ කරදරයකදි සිත් තැවුලට පත්වීම.

   3.     පැටලෙන්න - නූල් බෝලයක් පැටලෙන්නෙ නූල් බෝලයක් ඇතුළෙමයි. ඒත් වැලක් සමහරවිට තවත් වැලක හෝ ගහක පැටලෙන්න පුළුවන්. පැටලීම සාපේක්ෂයි. එක්කො තමන් කේන්ද්‍ර කරන් පැටලෙනවා. නැත්නම් බාහිර පාර්ශ්වයක් කේන්ද්‍ර කරගෙන පැටලෙනවා. කොහොම පැටලුනත් පැටලිල්ල පැටලිල්ලමයි.

   4.     ගොඩඑන්න - සරලයි! ගොඩඑන්න..

වචන ටික ගොඩදාගත්තට පස්සෙ අපි බලනවා මොකද්ද මේ රට පැටලෙන scenario එක කියලා. ආදරයයි අනුකම්පාවයි කියන්නෙ හිත් රැවටෙන හිත් පැටලෙන හිත් කිතිකවන බරපතල concepts දෙකක්. මේක අංශුමාත්‍රයීය ඝනකමින් යුත් හීන් නූලකින් වෙන්කරල දෙපැත්තට කරපු විෂය පථ දෙකක්. මේ සංකීර්ණ සිතුවිලි පරාස දෙක මේ තරම් අපේ ජීවිත වලට බලපෑම් කරන්නෙ කොහොමද?






මේ ප්‍රශ්නය අපිට පැති කිහිපයකින් විස්තර කරගන්න පුළුවන්. හිතන්න දෙන්නෙක් ආදරය කරල මොනාහරි හේතුවක් නිසා වෙන් වෙනවා. අපි හිතමු දෙන්නගෙ නොගැළපීමක් නිසා අවබෝධයෙන්ම දෙපැත්තට වුණා කියල. මෙහෙම වෙන් වුණාට එක් පාර්ශ්වයක්, අපි හිතමු පෙම්වතාට මේ විදියට තනිවෙලා ඉන්න බැහැ.ඒ නිසා ඔහු නැවතත් පෙම්වතිය එක්ක කතාබහ කරන්න ආස්‍රය කරන්න උත්සාහ කරනවා. අසීමිතව අතීතය ගැන පසුතැවෙනවා. සිදුවුන දේවල් ගැන දුක් වෙනවා. සමහරවිට සියදිවි නසාගැනීමකට වගේ තැත් කරන්න වුණත් බැරි නැහැ. දෙවෙනි පාර්ශ්වය, ඒ කියන්නෙ පෙම්වතිය යථාර්ථය තේරුම් අරන් හිටියත් මේ වගේ සිදුවන දේවල් නිසා එයා පව් මොනවා කරගනීද දන් නෑ වගේ එකක් හිතේ මවාගන්නවා.
සිදුවන ක්‍රියා පටිපාටින් එක්ක මේ අනුකම්පාව, ආදරයට අනුලෝමව සමානුපාතික වෙලා නැවතත් ප්‍රේමය තිබුණු තත්ත්වයටම එනවා.

දැන් හිතන්න ඒ දෙන්නා වෙන් වුණේ යම්කිසි නොගැළපීමක් නිසා නම් (අවබෝධාත්මක නොගැළපීමක්) වෙන් වෙන්න හිතුව තීරණෙන් දැන් ඵලක් නැහැ නේද?

දැන් ඔබ කියාවි ආදරය කියන්නෙ ඒකට, හැලහැප්පීම්, වෙනස්වීම් එක්කල ඉස්සරහට යන එකට කියලා. ඒක හරි. ඒත් මේ බැඳීම දිගු කාලයක් පවත්වාගෙන යන්න බැහැ කියන Point එකට එක මොහොතකදි ආව නිසා නේද මේ දෙන්නා වෙන්වුණේ? එහෙම තැනකට හිත හදාගෙන affair  එකක් නවත්වන්න පුළුවන් නම්..., ඒ සිතුවිල්ල එහෙම්ම කණපිට ගස්සන්න අනුකම්පාව කියන සිතුවිල්ලටත් පුළුවන්. එතකොට කවුරුත් නැතුව ඉන්නවා කියල හරි affair  එක නවත්තනවා කියල හරි ගත්ත decision එක ඇතුළෙ මේ දෙන්නම fail. ඒවගේම මුලින් මේ දෙන්නා ආදරෙන් ළංවුණාට දෙවෙනි පාර ළංවෙන්නෙ ආදරේට නෙමෙයි. එක් පාර්ශ්වයක් ගැන ඇතිවුන අනුකම්පාවට.

ආදරයට පැවැත්මක් තිබ්බට අනුකම්පාව + ආදරයට පැවැත්මක් තියෙනවනද කියන එක අපි හිතන්න ඕන කාරණයක්. ඒක නිකන් magnet එකක එක සමාන අග්‍ර දෙකක් එකට ළංකරනවා වගේ. එකතුවෙන්න වගේ ඇවිත් විකර්ශනය වෙනවා.

මේ scenario එක ඇතුළෙම උපකුලකයක් කියල හිතන්න පුළුවන් තව scenario එකක් මම මේ විදියට create කරනවා. හිතන්න, කෙනෙක් එයාගෙ හිත ගිය කෙල්ලට full try කරනවා. ඒත් කෙල්ලගෙ හිතේ ඒ තරම් කැමැත්තක් නැහැ කියල හිතමු. ඒත් තමන්ගෙ ආදරය කියල හිතෙන මේ කෙල්ල එක්කම යාළු වෙන්න අර කොල්ලා නොකරන දෙයක් නැහැ.

කොල්ලා මේ විදියට වාත වෙද්දි මේ ගැහැණු ළමයා කොයිතරම් අකමැති වුණත්, ආදරයක් හිතේ මේරුවෙ නැති වුණත්,  අනේ එයා පව්නේ, මේ තරම් පස්සෙන් එද්දි මම අහක බලන් මඟ අරින්නෙ කොහොමද? කියල හිතල කැමැත්ත ප්‍රකාශ කරනවා.

එතෙන්දි අපි ගැහැණු ළමයාගෙන් ඇහුවොත් ඇයි මේ කොල්ලා එක්ක යාළු වුණේ කියල උත්තරේ තමා පස්සෙන් එද්දි පව් කියල හිතුනා කියන එක.

මෙහෙම පටන් ගැනෙන affair එකක් කල් ගතවෙද්දි දෙන්නාගේ හැඟීම් අවබෝධ කරගෙන සාර්ථක වෙන්න පුළුවන්. නමුත් ආදරයක් හිතේ ජනිත නොවුණු පාර්ශ්වයට කාලයක් යද්දි දැන් මේක ඇති වගේ දෙයක් හිතෙන්නත් පුළුවන්.

අනුකම්පාව කියන්නෙ උදාර මානුෂීය සිතුවිල්ලක්. ඒකෙන් මිදෙනවා කියන්නෙ අපි ඉතාම කුහක සිත් ඇති මිනිසුන් පිරිසක් බවට පත්වෙනවා කියන එක. කාටහරි කරදරයක් හිරිහැරයක් වුණාම තරාතිරම බලන්නෙ නැතුව පිහිට වෙන්න අපි ඉදිරිපත් වෙන්නෙ ඉතාම උනන්දුවෙන්. ගංවතුරක් නායයාමක් වුණාම supermarket වල රාක්ක හිස්වෙන, දැන් ආධාර ගෙනාවා ඇති කියල මාධ්‍යයෙන් නිවේදන නිකුත් කරන රටක් ලෝකෙ වෙන කොහෙවත්ම නැතුව ඇති. ඒ තමා අපේ හිත්වල මතුවුන අනුකම්පාව. අපේ රටේ මිනිස්සු හරි වෙනස් වුණේ අන්න ඒ නිසා.

ඒත් මේ අනුකම්පාවයි ආදරයයි පටලවා ගත්තොත් අපිට මුහුන දෙන්න වෙන ප්‍රශ්නවල බරපතලකම වැඩියි. ආදරය ඇතුළෙ අනුකම්පාව තියෙන්න ඕන. ඒත් අනුකම්පාව නිසා ආදරයක් ඇතිවීම තාත්ත්වික නැහැ.

ඔබටත් විවෘතයි මේ සංවාදය!!
ඔබේ අදහස් පහළින් ලියන්න. 
නැත්නම් මගේ facebook බිත්තියේ..(Chari’th Gunarathna)
inbox කරත් ප්‍රශ්නයක් නැහැ.
එහෙනම් ගිහින් එන්නම්. ආයි හම්බෙමු.