Monday, October 6, 2014

වාරියපොළ + රත්නපුර පසුවදන

වාරියපොළ නාටකයෙන් අනතුරුව පසුවදනක් ලිවීමට සිත් වුවද මානසික කාර්යබහුලත්වය නිසා එය මහැරිණ. එහෙත් සිදුවන සමාජ සංස්කතික සෝදාපාලුවේ තවත් පරිච්ඡේදයක් විවර කරමින් රත්නපුරදී සිදුවූ අමානුෂික පහරදීම දුටු විට දෙනෙත් පමණක් නොව ලෙයද සලිත වූ බැවින් මෙසේ ලියන්නට සිත් විය.
ශ්‍රී ලාංකේය කාන්තාව පිළිබ ඉතිහාසයේ ඈතම කෙළවර මූලාශ්‍රය කුවේණිය යි. විජය, කුවේණිය පලවා හැර ඉන්දියාවෙන් කුමාරියක් සරණ පාවා ගැනීමේ සිට අද වනතුරු ශ්‍රී ලාංකේය කාන්තාව වේදනාව හා අපහාසය මිටින් තුරුල් කරගෙන මව්කුසයෙන් උපත ලබති.

එකී අංකුර ප්‍රපංචයේ නාටකයන් සජීවීව අත්විඳින සමාජයක ආතල් ගන්නා ප්‍රේක්ෂක පිරිසක් බවට අපි පත්වී සිටින්නෙමු. ධනවාදයේ කටුක සෙවණැල්ළෙන් පීඩිත ජීවිත වලට ලල් එකක් අත්‍යාවශ්‍යය. එසේ නොමැතිනම් ශ්‍රී ලාංකිකයාට පැවැත්මක් නැත. එහෙත් එම ආතල් උදෙසා වස්තු බීජ බවට කාන්තාව පමණක්ම පත්වීම සමාජය මුහුණ දී සිටින අතිය ඛේදනීය ඉරණමකි. එම ඛේදාන්තයේ බරපතලකම නම් මීට සවිානික නොවන කාන්තාව සමාජයට ආතල් දීම උදෙසා ස්ව කැමැත්තෙන් අනුවණ ක්‍රියාකාරකම් වල යෙදීමයි. ගෙවී ගිය කාලය පුරාවට සමාජය නිර්මාණය කළ සංසිද්ධීන් මීට පැහැදිලි උදාහරණ සපයයි.

සමාජ වෙබ් අඩවි තුළ අරක්ගත් ප්‍රබුද්ධ මතධාරීන් සමස්ත සමාජ පද්ධතියෙහිම පාලනය අතට ගත් ප්‍රවණතාවක් වර්තමානයේ දක්නට හැකිය. ඔවුහු වෙනසකට සංවේදී නොවෙති. Ex-Alien සංගීත ශෛලිය ඔවුන් දිරෙව්වේ නැත. නිරුවතින් රHollywood music video කට ඇරන් බලා සිටි ඔවුන් හට Ex-Alien කුණුහරුපයක් විය. තවදුරටත් එවන් ගණයේ නිර්මාණ බිහි නොවන තැනටම එම ගායිකාව සමාජයීයව දූෂණය කර පණපිටින් වැළලූහ.

වාරියපොළ තරුණයෙක් හට ගොන් පාට් පෙන්වන්නට ගොස් කාන්තාවක් කුජීත වන්නේ මේ අතරවාරයේය. පුරුෂ මූලික වූ සමාජ ක්‍රමයක් තුළ පුරුෂයෙක්ටම පහර දී superhero වන්නට ගිය ඇයට  අවසානයේ සිදු වූයේ පශ්චාත් භාග පමණක් නොව සර්වාංගයම බිම ඇනගෙන මානසික රෝහල් හා පොලිසි ගාණේ ලගින්නටය. සිද්ධියෙන් ඔබ්බට ආතල් ගන්නා පරපුරට සමාජ වෙබ් අඩවි තූළ කියන්නට කරන්නට බොහෝ දේ විය. ඇයගේ රුව යෙදූ fb posts, photo comments, fb pages හතු පිපෙන්නාක් මෙන් Fb පුරා පැතිරෙන්නට විය. කලකින් පසු තමන් සොයා පැමිණි මෙම සීනි බෝල ආතල් එක යහමින් චප කරන්නට අප පරපුර වග බලා ගත්හ.

එහි උණුසුම යාන්තමට පහව ගිය පසු රත්නපුර නගර මධ්‍යයයේ පොලිස් නිළධාරියෙක් අමානුෂික ලෙස කාන්තාවකට පහරදෙන වීඩියෝවක් අන්තර්ජාලයට නිකුත් විය. එය video කරන්නට අය සිටියද එම අවස්ථාවේ ඇයව බේරාගන්නට කිසිවෙක් ඉදිරිපත් නොවීම සමාජය තුළ අප මුහුණ දෙන ඛේදවාචකයයි. එක් අතකට පව්කාරයාට ගල් ගසන සමාජය තුළ තවත් අය වටවී ඇයට පහර නොදීම පිළිබ අපි සතුටු විය යුතුය. එහෙත් උස්බෙකිස්තාන්, තායිවාන් ගණිකාවන් යහමින් අලෙවි වන පිංබිමේ බඩ වියත රැකගන්නට වීථියට බට කාන්තාවට අත්වූ ඉරණම එය විය.

Jacquline ගේ කෑම සූත්‍රයයෙහි ආප්පය 200 වූ විට නැවත වරක් ප්‍රබුද්ධ මහතුන්ගේ පුපුල්ලාසන රත්විය. නැවත fb වේදිකාව මත්තෙහි අවි අමෝරා කරණම් ගසන්නට විෂයයක් නිර්මාණය විය. Jacquline වත්, කෑම සූත්‍රයත් පතුරු ගැසූ ඔවුහු නොදැනුවත්වම දැවැන්ත marketing පාරක් ඒ වෙත ලබාදුන්හ. මහේල හා සංගාගේ Ministry of Crabs හි ඉස්සෙක් රුපියල් 250 ක් පමණ වන බව ඔවුහු නොදත්තෝය. මේ තැන් 2 ටම යන්නේ 154 කොන්දාගේ ලොකු ලයින් එකට නතු වී ලැමිනේට් වී සේවයට යන රාජ්‍ය හෝ පෙද්ගලික සේවකයා නොව, BMW වලින් ගොඩබහින සුපිරි පැලැන්තිය හෝ විදෙස් සංචාරයන් බව එම සිිති මොළ වලට නොවැටහුණි. කෙනෙක් කා බී සතුටු වී ඉන් තවකෙක් මුදලක් අතට ගන්නවාට ඉරිසියාවෙන් කුපිත වී රටේ නැති බයිලා කියමින් fb දෙවනත් කරවීය.

සමාජ වෙබ් අඩවියෙන් ඔබ්බට ප්‍රායෝගික ජීවිතය තුළද පුරුෂයා තම ආධිපත්‍යය පැතිරවීය. ටියුෂන් හෝ කැම්පස් ප්‍රේමයන් තුළ වෙලී හි එහි උන්මාදය අසීමාන්තික වූ කල්හි  රු.600 කාමර කෑල්ලක් තුළ රමණයක පරමානන්දය විින පෙම් පුවත් සමාජයේ සුලභය. පෙම්වතිය උපන්දා සිට දැඩි ආරක්ෂක රැකවරණ මධ්‍යයයේ රැක බලා ගත් දෑ වෙත address නැතිවෙන්නට වගකියන පෙම්වතුන්, අවසානයේ ලොවෙත් නැතිවන්නේ පෙම්වතියටද යන එන මං නැති කර දමමින්ය. එම පෙම්වතාම මංගල රාත්‍රියේ ජපන් කොඩි ඔසවන්නට හීන මවන්නේ ඉමහත් ආඩම්බරයෙනි. එහෙත් ජපන් කොඩි වෙනුවට උතුරු සලුවක් ලද පසු දෙලොව රත් වී බිරිගේ හත්මුතු පරපුරටම දොස් පවරා ඉරුණු තැන් මහන සැත්කමේ පිහිට පතති.
Bus එකේ වදින jack එකේ සිට රත්නපුර පහරදීම දක්වා නා නා විධ අයුරින් කාන්තාව දූෂණය වෙයි. ඊට එරෙහි වන්නට කොන්ද පණ ඇති කාන්තාවන් අතිශයින් විරලය. එවන් අයෙක් බිහි වුවද සමාජ වෙබ් අඩවි ඔස්තාර්ලා ඔවුන්ගේ තටු කපා දමති. තමන් එළිය දුටුවේ මව්කුසින් බව මිනිසුන්ට අමතක වී ඇත. එය සිහිපත් කර දෙන්නට වෙර දරණ සන්නස්ගල වැනි අයටද රටේ නැති විවේචන එල්ල කිරීමට සමාජය සැදී පැහැදී සිටිති. ධනවාදය සහ තාක්ෂණය එක්ව මිනිස් පරපුර සින්තටික් ඕපපාතිකයන් බවට පත්කර හමාරය.

දළදා වහන්සේ මෙරටට වැඩම කරවීමට හේමමාලා කුමරිය දන්ත කුමරුද කැටුව අපරිමිත කරදර බාධක රැසකට මුහුණ දුන්හ. සඝමින් තෙරණිය නොවැඩියේ නම් ජය ශ්‍රී මහා බෝ සෙවණක් අපට නොමැත.එහෙත් ඈත ගම්මානයේ සිට පැන් දොවා මල් දොවා එන උපාසක අම්මාට උඩමළුව  කිළිය. අසමජ්ජාති තකතීරුකම් කරන දේශපාලුවාට උඩමළුව කැපය.


මෙම සමාජ සංස්කෘතික සෝදා පාළුවේ උඩුගං බලා පිහිනීම කෙසේ වෙතත් එහි පය ගසා රැී සිටීමද අතිශය දුෂ්කරය. කළ හැකි එකම දෙය නම් යකා හිතනවාට වඩා කළු බව අවබෝධ කරගෙන තම ආරක්ෂාව තමන් විසින් සලසා ගැනීම පමණි. කාන්තා පරපුර වෙත ඒ සම්බන්ධව ඇති වගකීම භාරදූරය. හැකිතාක් share කර, හැකිතාක්  comment කර ඔබව වනසන්නට සමාජය දත කට නියවා බලා සිටී. ධනේශ්වර ක්‍රමය තුළ ඔවුන්ගේ ඇරියස් cover කරගැනීමට ඔබ කවුරුන්ද යන වග වැදගත් නැත. මව,දුව,නැගණිය,ආච්චි යැයි කියාගත් සමාජ සබතා ඔවුහු තුට්ටුවකට මායිම් නොකරති. එබැවින් ඉහළ පහළ වැටෙන හුස්ම ඔහේ වැටෙන්නට ඉඩ නොහැර නිවැරදි සිහියෙන් හුස්ම ගන්නට කරන ආරාධනා කරමි. සංවාදයට විවෘතය. 

7 comments:

  1. උබේ idea එක 100% ක්ම ඇත්ත මචං ... කියවන කෙනාට බොක්කටම වදිනවා... දැන් සමාජයේ කාන්තාවට උරුම වෙලා තියෙන තත්වෙ දකිනකොට ඇත්තටම දැනෙන්නේ ලොකු දුකක්... අපේ ළමයි ලොකු වෙනකොට, එයාලගේ ළමයි ලොකු වෙනකොට අපේ රටේ මොන වගේ තත්වයක් තියෙයිද කියල හිතනකොටත් බය හිතෙනවා මචං... පිරිමි විදිහට අපිත් මේවට එක පැත්තකින් වග කියන්න ඕනේ... කාන්තාවකට අපහසුතාවයක්, කරදරයක් වෙන වෙලාවකට එකට විරුද්ද වෙන්නේ අද කාලේ පිරිමින්ගෙන් කීයෙන් කීදෙනාද? bus එකේදී කෙල්ලෙක්ගෙ ඇගේ කොල්ලෙක් හේත්තු වෙනකොට එකට කෑ ගහන්න බැරුව කෙල්ලෙක් කට පියාගෙන ඉන්නේ ලැජ්ජාවටයි... එත් ඒ වෙලාවට ඇයි කොල්ලෙක්ට මැදිහත් වෙන්න බැරි? මහා ලොකු දේවල් කරන්න, වලි දාගන්න ඕනේ නෑ ... කරන්න තියෙන්නේ හරිම පොඩි දෙයයි ... "ඔතන ඉන්නේ කෙල්ලෙක් නේද? ඒ නිසා ඔතනින් පොඩ්ඩක් එහාට යනවද?" එහෙම කිව්වම එකාගේ රෙදි නෑ නේද? එක පොරත්වය නෙවෙයි, එකයි නියම පිරිමි කම... මේ මං කිව්වේ එක දෙයක් විතරයි... ඔය වගේ ඕන තරම් දේවල් සමාජයේ වෙනවා අපි දැකල ඇති අපේ ඇස් පනාපිටම... අපි ඒ දේවල් නොදැක්ක වගේ ඉදලත් ඇති ඕන තරමටම... තමන්ම හිතල බැලුවොත් තමන්ටම තේරෙයි ඒවාට තමනුත් වගකිවයුතු බව...

    ReplyDelete
  2. මේ සම්බන්ධව අප අවදියෙන් බව පෙන්වීමට අවශ්‍යම වෙලාව මෙය බව පවසනුයේ,මේ මැදිහත්වීම මඟහැරුනහොත් ඉදිරියටද වනුයේ අත කම්මුල්හි රදවා තුශ්ණිම්භූතව බලා සිටීමට වන නිසාය.
    ප්‍රථමයෙන් මෙම ස්ත්‍රීවාදි ප්‍රවේශය මා අගය කරමි.ඒ මා ස්ත්‍රියක් වූ නිසාවත්,මා සාපේක්ෂ වශයෙන් ස්ත්‍රීවාදී අදහස් දරන නිසාවත් නොව.කාන්තව ආන්තික වීම යන කාරණාව ලොව ඕනේම තැනකට පොදු සාධකයක්ව තිබෙන නිසාය.ලොව බොහෝ දෙන මාර්ක්ස්ව විකුණාගෙන කති,ස්ත්‍රියව මෙන්ම ස්ත්‍රීත්වයද එසේම විකුණාගෙන කනුයේ හිරිකිතකින් තොරවය.නමුත් අමතක කරන දෙය නම් ලොව වැඩිපුරම ශ්‍රමය වඟුරවන්නී කාන්තව බවය.මෙය කියූ විට වටිනා පුරුෂ ආත්මගෞරවයට හානියක් වූවා නම් මට සමා වන්න.(ආත්ම ගෞරවය කියා සිතා සිටින දෙයට )
    නමුත් ලොව බොහෝදෙනා අමතක කරන, කාන්තාව මුළුතැන්ගෙයෙහි වැය කරන ශ්‍රමය කිසිදු ආගණනයකට යටත් වන්නේද නැත.නමුත් ඒද ශ්‍රමයම නොවේද....?නමුත් ඔවුන් ශ්‍රමයට සරිලන වැටුප් නොඉල්ලනා තෙක් ,ඒ ඉතා හොඳ කාන්තාවන්ය.නො එසේනම් දුක ඉවසනතාක් අවිහිංසක සුරතලියන්ය.අයිතිය වෙනුවෙන් මුව විවර කළහොත්,ඔවුන් ස්ත්‍රීත්වයට නිගරුවක්ය.මෙය ඉතාම අපූරු මෙන්ම මිලේච්ඡ කතාවක් බව බුද්ධිමත් ඔබට වැටහෙනු ඇත.

    කාන්තාවන් එබඳු වැටුප් නොගෙවා ලබගන්නා ශ්‍රමය පිළිබඳ සවිඥානික වුවහොත් වාරියපොළ සොයුරියටද,රත්නපුරේ බට්ටිටද ඇඟිල්ල දිගුකරන ආත්ම ශක්තියෙන් යුතු බොහොදෙනා එදිනටද හඬ නඟනුයේ "ඒක කොයිතරම් අසාධාරණද..." කියා ය.
    එසේ නම් ඔබට සිතන්න දෙයක් දැන් දැන් නිර්මාණය වෙනින් පවතී.කාන්තාව සමාජ කොට්ඨාසයක් ලෙස බල ගැන්වීම පාලනය වූවා ඕනවටත් වැඩියෙන් ප්‍රමාණවත්ය.බල ගැන්වීමට දැන් කාලය එලඹී ඇත...............

    ReplyDelete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. Oyala wage mathadharin ada samaje harima adui. Visheshayenma kanthawanta ada siduwana hinsanyanta erehiwa thma panhinda hasurawanne bohoma podi denai. Kanthawanta nisi thana laba deema sadaha kapawena oba wani puthrayo jathiye pinata jathaka wunu ayai. Wisheshayenma Upul Shantha Sannasgala wani wiyathun duradiga bala idiripath karana matha, aduradarshi lesa wivechanaya karana kaalakannnta meka honda awawadayak. Bt mn Charith prostitution gana kiyala thiyena de ekka agree wenne naa. Bt anyway honda uthsahayak. Digatama liyanna. This writing is unique to u brodhaaaa.
    Mn Naveen Silva

    ReplyDelete
  5. ඇත්තටම ගොඩක් ආඩම්බරයි. මේ වගේ දෙයක් ගැන කථා කරන්න හිතුනත් තියෙන සමාජ තත්වයත් එක්ක විශේෂයෙන් කාන්තාව කියන චරිතයට පක්ෂපාතිව දෙයක් කියන්න කෙනෙක් හිතින් අත් හරින කාලෙක, කොන්දක් තියෙන පිරිමියෙක් විදියට මේ ගත්ත උත්සාහය අගය කරන්න ඕනේමයි. අර කිව්වා වගේ කාන්තාව කියන චරිතයෙන් ආතල් ගන්න නම් පිරිමි කියන නාමෙටවත් සාධාරණයක් නැති අසමත්ජාතීන් නම් වැහි වැහැලා ඉන්න රටේ, මේ වගේ දෙයක් ගැන කථා කරන්න පොරවල් කියලා හිතාගෙන, ලෝකෙට මූණ පෙන්නගෙන ඉන්න අය කවදාවත් ඉස්සරහට එන්නේ නෑ. ඒ ගැන තියෙන්නේ කලකිරීමක්. ඒ බහුතරයෙන් වෙනස් වෙලා මේ වගේ නියම පිරිමි ඉන්න එක ගැන හදවතින්ම සතුටු වෙනවා…

    ReplyDelete