උඩ ඉඳන් පහළට
පහළ ඉඳන් උඩට
පරණ කෙටි පණිවිඩ
අස්සෙන්
එහෙ මෙහෙ දුවන
අවිවේක ඇස්.
විනාඩි 15න්
පහළවට,
නිකමට screen එක
On කර,
Notification නැති
Phone එක
පැත්තකින් තබා
පිටකරන
ඉතා දිගු සුසමකින්
අනතුරුව….
තිත්ත කෝපි කෝප්පයක්
නිමා කර
කවුඵවෙන් එපිට
හැන්දෑවට
නිකමට එබිකම් කර බැලූ කල,
ඇසුණාලු….
දිගින් දිගටම
දිගින් දිගටම
පොළොවට රිද්ද රිද්දා
වැටෙන ධාරාණිපාතයෙන්
පොළොව පෙරළා ඇසූ හැටි,
“දැන් ඇති නේද?”
වැස්ස : “බලමු”
