Saturday, May 28, 2016

කවුරුත් නැතුව 3 - හැමදේම ලැබිලා ඇයි ඔයාව විතරක් නොලැබුණේ?

කවුරුත් නැතුව 3 - හැමදේම ලැබිලා ඇයි ඔයාව විතරක් නොලැබුණේ?

කවුරුත් නැතුව 2 - බැඳීම් වල life cycle එක කියවපු ගොඩක් දෙනෙක්ගෙන් එල්ල වුනේ බොහොම ආදරණීය විවේචන.

ඕවා ලිව්වට කරන්න ලේසි නැහැ, ප්‍රායෝගික නැහැ

ආදරේ කියන්නෙ පරිත්‍යාගයක් කිව්වට අයිතිකරගැනීම කියන එක හිත් වලින් ඈත් කරන්න අමාරුයි. කලාතුරකින් කෙනෙක්ට තමා එහෙම හිතෙන්න පුළුවන්

මේ වගේ ගොඩක් දේවල්. මේ හැමදේටම ඉස්සරහට යද්දි උත්තර හම්බෙනවා කියල විතරක් මම කියන්නම්. එහෙම කියල අද කවුරුත් නැතුව පටන් ගමු.

කලින් අපි කතා වුණේ බැඳීම් ගැන අද මං කතා කරන්නෙ ලැබීම් ගැන. කවුරුත් නැතුව අපිට තනිවෙන්න වෙන්නෙත්, කාත් එක්ක හරි සතුටින් ඉන්න ලැබෙන්නෙත් අපේ ලැබීම, නොලැබීම නිසානෙ.

අපි මෙහෙම පටන් ගමු. මේ අකුරු කියවන ඔබ ටිකක් බලන්න මේ වෙලාවෙ ඔයාගෙ වටේ තියෙන්නෙ මොනාද කියලා. සමහරවිට ඔයා ළඟ lap එකක් ඇති. නැත්නම් smartphone එකක්. නොතෙමී ඉන්න හිසට උඩින් සෙවණක් ඇති.මේ වගේ එකී මෙකී නොකී දාහක් දේවල් ඇති.


නොලැබුණ දේවල් ගැන බලන්න, හිතන්න කලින් අපි හිතමුද අපිට ලැබුණ වටිනාම දේ මොකද්ද කියලා. හිතන්න අපිට ලැබුණ වටිනාම දේ තමා මිනිස් ජීවිතය. අපිත් මිනිස්සු හින්දා අපිට ඒකෙ ලොකු වටිනාකමක් තේරෙන් නෑ. නමුත් මනුෂ්‍ය කියන්නෙ මනසින් උසස්, හැඟීම් දැනීම් වටහාගන්න ලෝකයේ බිහිවුණු උසස්ම සත්ත්ව කොට්ඨාශයක්. මනුෂ්‍ය ජීවිතයක් ලැබුන නිසා තමා අපිට ගොඩක් දේවල් විඳින්න විඳගන්න අවස්ථාව ලැබුණෙ.

මනුෂ්‍යත්වය කියන fantasyමය සාධකයෙන් අඩු වැඩි විදියට පරිපූර්ණව නිර්මාණය වුණු අපේ ජීවිත තම තමන්ගෙ අවශ්‍යතා අනුව බොහෝ දේ හඹා ගියා. ඔස්ලෝ කියන සමාජ විද්‍යාඥයා අවශ්‍යතා පිරමීඩයක් මඟින් මේ සංසිද්ධීය අපූරුවට පැහැදිලි කලා. මේ පිරමීඩෙ පහළින්ම තියෙන්නෙ අපේ මූලික අවශ්‍යතා.ආහාර, නිවාස,වාතය, නින්ද, උණුසුම වගේ දේවල්. මේ අවශ්‍යතා එකින් එක සපුරගෙන අපි පිරමිඩෙ උඩටම යද්දි අපිට හම්බෙනවා ආරක්ෂාව, ආදරය, ජයග්‍රනය,පිළිගැනීම,respect එක වගේ අවශ්‍යතා. පිරමිඩෙ උඩම තියෙන්නෙ self-actualization කියල එකක්. ඒක තමා මිනිසුන්ගෙ අවශ්‍යතාවල peak එක. එතනින් එහාට අපිට හඔා යන්න දෙයක් නැහැ.

මස්ලෝගෙ theory එක අනුව අපි ගොඩක් දෙනෙක් අයිති වෙන්නෙ මේ පිරමිඩ් එකේ පහළ ස්තර වලට. අපේ ජීවිත ලැබීම් නොලැබීම් වලින් පිරිලා. ලැබීම් වලදි සතුටු වුණ ගොඩක් අය නොලැබීම් වලදි සෑහෙන්න වැටෙනවා. අපි ජීවිතෙන් පෙරළා ප්‍රශ්න කරන්නෙ හැමදේම ලැබිලා ඇයි එක දෙයක් විතරක් නොලැබුණේ කියලා.

අපි හිතන පතන හැමදේම අපිට ඒ විදියටම ලැබෙනවා අඩුයි. කිරල මැනල පෙරිලා ලැබෙන ටිකෙන් තමා ගේමක් ගහන්න වෙන්නෙ. ඒ නිසා අපි ජීවිතෙන් හැමදේම positive විදියට positive දේවල්ම බලාපොරොත්තු වෙන එක ඒ තරම් හොඳ දෙයක් නෙමේ.

එහෙනම් කොහොමද අපි අපෙන් ඈත්වුණු දෙයක් දිහා බලාගෙන හිත හදාගන්නෙ?

මේ වෙලාවල් වලදි අපි පොඩි ideological monopoly එකක් මවාගන්නවා අපෙන් ඈත්වුන දේ තමා ලෝකෙ මේ මොහොතේ තියන වැදගත්ම සහ අත්‍යාවශ්‍යම දේ කියලා. mindset එක ඇතුළෙ ඉඳන් අපි ඒ ගැන අසීමිතව හිතනවා. දුක් වෙනවා. අපි විසින්ම අපිට උරුම වුන බොහොමයක් දේවල් මඟහැරලා අහිමි වුන දේ ගැන කල්පනා කරනවා.

එක්තරා රාජ්‍යයක හිටපු ගොවියෙක් ඉතාම සතුටින් ජීවත් වුණා. මේක දැනගත්ත මේ රටේ රජතුමාට තමන්ගෙ රටේ පුරවැසියෙක් තමන්ට වඩා සතුටින් ජීවත් වෙන එකට ඉරිසියා හිතුනා. රජතුමා මහඇමති ඇතුළු පුරෝහිතයින්ට කිව්වා මේ මනුස්සයගෙ සතුට නැතිවෙන විදියෙ දෙයක් කරන්න කියලා. ඇමතිවරු දවසක් රෑක මේ ගොවියගෙ වත්තට රන්කාසි 99 ක් ගිහින් දැම්මා. උදේ නැගිටලා බලද්දි රන්කාසි තොගයක් මිදුලෙ තියනවා දැක්ක ගොවියා කාසි සේරම ගණන් කළා. කාසි 99ක් තියනවා දැනගත්ත ගොවියා ආයි මුල ඉඳන් ගණන් කළා. ඔහු හිතුවා කිසි කෙනෙක් කාසි 99 ක් දාලා යන්නෙ නෑ, අනිත් කාසිය ඔහුට මඟඇරිලා ඇති කියලා. ඔහු හිතුවා කවුරුහරි මේ කාසිය හොරකම් කරන්න ඇති කියලා. වෙන හැම වැඩක්ම පැත්තකින් තියලා ඔහු ජීවිත කාලෙම කළේ මේ කාසිය හොයන එක.ඒත් කොයිතරම් ගණන් කළත් සෙව්වත් ඔහුට ඒ කාසිය හොයාගන්න පුළුවන් වුණේ නැහැ. එතනින් එහාට ජීවිතේ එක තත්පරයක් වත් මේ ගොවියා සතුටින් ජීවත් වුණේ නැහැ.

හිතන්න ඔබත් මේ 99 කණ්ඩායමේ සාමාජිකයෙක්ද? දැන් ඔබ මාත් එක්ක තර්ක කරාවි රන් කාසියක් අහිමි වීමයි, සංසාරගත බැඳීමක දෙදරා යාමයි සම කරන්න බැහැ කියලා. ඔව් ඒත් පොදු සංසිද්ධීය අනුව මේ හැමදෙයක්ම අහිමිවීම්. හැඟීමට වඩා බුද්ධීයට ඉඩ දෙන්නෙ කොහොමද කියන එක අපි තවත් දවසක කතා කරමු.
ලෝකෙ හැමදේකම balance එකක් තියෙන්න ඕන. හැමදේම ඔයා හිතන විදියටම වෙලා ආස කරන හැමදේම ලැබුණොත් එතෙන්දි ඒ balance එක නැතිවෙලා. සමහරවිට ඔයාට ඒ දේවල් ලැබෙන්න කල් යනවා වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් ලැබෙන්න ඕන නැති දෙයක් වෙන්නත් පුළුවන්.


 හොයලා බලන්න හැමදේම හිතන විදියටම වුන කෙනෙක් මේ ලෝකෙ කොහේහරි ඉන්නවද කියලා. එහෙම ඉන්නවනම් ඒක ගිනස් පොතෙත් උඩින්ම ලියවෙන්න ඕන දෙයක්.  

කරන්න තියෙන්නෙ ලැබුන ගොඩක් දේවල් ගැන සතුටු වෙන එක. ජීවිතය ඔයාට අඬන්න හේතු සියයක් පෙන්වද්දි ඔයා ලෝකෙට පෙන්වන්න හිනාවෙන්න හේතු දාහක් තියෙන විත්තිය. හැම කඩාවැටීමක් ළඟදිම ඔළුව කෙළින් තියන් හිනාවෙලා හැමදේම භාරගන්න ready වෙලා ඉන්න.

අද කවුරුත් නැතුව ඉවර කරන්නෙ මහාචාර්ය ගංගානාත් දිසානායක ඔහුගේ පැණි වළලු පොතේ අම්මා කියන පරිච්ඡේදය ඇතුළෙ සටහන් කරන වචන කිහිපයකින්. ලැබුන නොලැබුන දේවල් ජීවිතේ අපි භාරගන්න විදිය ගැන හිත කීරි ගස්සන පාඩමක් මේ අකුරු අපිට කියල දෙනවා.

මේක කියවන ඔබ නොලැබුන හුඟක් දේවල් ගැන දුක් මහන්සි වෙනවා ඇති. තියෙන දේවල් ගැන අගයක් නැතුව ඇති. මට නම් ජීවිතේ හුඟක් දේවල් ලැබුනා. රාජසිංහ රජ්ජුරුවන්ගෙ මාළිගාවටත් වඩා ලොකු ලස්සන මාළිගාවක් වගේ ගේක ජීවත් වෙන්න ලැබුනා. ඒත් මට එකක් ලැබුණ් නෑ. ඒක ආයෙ ලබන්නත් බැහැ. ඒ අම්මාගේ ආදරය. ඒක ඔබ ලබලා ඇති. ඔබ දිනුම්. මං පරාදයි. ඔබ මගෙන් ඇහුවොත් ඔබද ලක්ෂපති මමද ලක්ෂපති කියලා? ඔබ ලක්ෂපති. මම හිඟන්නෙක්... 



Monday, May 23, 2016

කවුරුත් නැතුව 2 - බැඳීමක life cycle එක තේරුම් ගමු

කවුරුත් නැතුව 2 -  බැඳීමක life cycle එක තේරුම් ගමු

බැඳීම් වලට අපි ජීවිතේ ලබාදෙන්නෙ ලොකු ඉඩක්. සමහරු බැඳීම් වලට නොසෑහෙන්න වහල් වෙලා ඉන්නවා. බොහොම අතළොස්සක් තමයි උන්නත් දාහයි මළත් දාහයි කියල පැත්තකට වෙලා ඉන්නෙ. එහෙම ඉන්න අයගෙත් හිත් වල කොනක හරි බැඳීමක සේයාවක් ගෑවිලා නැතුව ම නෙමෙයි.

කොහොම වුණත් සෝවාන් වගේ මාර්ගඵලයක් ලැබුව කෙනෙක් ඇරෙන්න පෘථග්ජන පුද්ගලයෙක්ට බැඳීම් වලින් මිදෙන්න අමාරුයි.
එහෙම නම් බැඳීම් අතහැරලා ඇත්තටම අපිට ජීවත් වෙන්න පුළුවන්ද? පුළුවන් නම් එහෙම ඉන්නෙ කොහොමද?


බැඳීමක් ඇතිවෙන්නෙ යම් දෙයකට හෝ කෙනෙක්ට අපි අසීමිතව ළංවෙන්න ඕන. එහෙම නැත්නම් වෙන කෙනෙක් අපිට ළං කරගන්න ඕන.
ඔය කියන මූලික ක්‍රියාවලිය තමයි බැඳීමක් සම්බන්ධතාවයක් විදියට අපේ හිත් වල නිර්මාණය වෙන්නෙ. ඒ විදියට නිර්මාණය වෙන relationship එකක් නොයෙක් හැලහැප්පීම් වලට ලක් වෙනවා යම්කිසි තත්ත්වෙකට එනවා. ඒත් මේ සම්බන්ධතාව මොනයම් හෝ හේතුවක් උඩ හරි දෙදරලා ගිහිල්ලා දෙන්නට වෙන් වෙන්න සිද්ද වුණාම තමයි කෙනෙක් තනිවෙන්නෙ.

සමහරවිට සම්බන්ධතාවක් බිඳ වැටීමක් නොවුණත් ජීවිතයක් සදහටම අපෙන් ඈත්වීමක් වුණත් දරාගන්න අපිට බොහොම අමාරුයි. බැඳීමක් ඇතුළෙ තියෙන්නෙ ආදරය ප්‍රේමය රැකවරණය සෙනෙහස වගේ දේවල්. මේ වගේ මානුෂීය හැඟීම් අපේ හිත් වලට තදින් දැනෙද්දි ඒ දේවල් ගැන අපිට ඇතිවෙනවා ලෝබකමක්, පුංචි තණ්හාවක්. හැමදාම ඒ විඳින ආදරය රැකවරණය අපි ළඟින් තියාගන්න කල්පනා කරනවා.ආදරයක් රැකවරණයක් ළඟින් තියාගන්න නම් ඒ සිතුවිලි අපේ හිත් වල create කරන්න හුරු පුරුදු කළ අයව අපෙන් ඈත්වෙන්න නොදී තියාගන්න වෙනවා.

බැඳීමක දුක පටන් ගන්නෙ මෙතනින්. අපි ආදරය කියල හිතන්නෙ අයිති කරගැනීමක් ගැන. ඒත් ආදරය කියන්නෙ අයිති කරගැනීම නෙමෙයි පරිත්‍යාගය කියල දැනට නිකන් ඔළුව idea එකක් තියාගන්න. ඉස්සරහ දවසකදි ආයිත් අපි ඒ ගැන කතා කරමු.

අපි ආදරය කරන කෙනාගෙ වෙන පුංචි වෙනසෙ ඉඳන් අපිට සෑහෙන්න දුක හිතෙන්න ගන්නවා. අපිට හිතෙනවා එයා ඈත් වෙනවා කියලා. ළං කරගන්න පුළුවන් හැමදේම කරනවා.ඒ හැමදේම කරලත් එයා ළං වුණේ නැත්තම් එයා සදහටම ඔයාව දාලා ගියානම් හිතේ කැකෑරෙන මහා දුකක් එක්කල ඔයා තනිවෙනවා.


අපි කොහොමද මේකෙන් ගොඩ එන්නෙ?
හිතන්න මේ ලෝකෙ ඇත්තටම ඔයාට අයිති මොනවද?
අඩුම ගානෙ අපිට අපිවත් අයිති නෑ නේද? අපිට වෙලාව ආවම මොන දීපංකරේ කවුරු කොහොම වෙලා හිටියත් පිටවෙලා යන්න වෙනවා. ඊළඟ මොහොතෙ මොනවා සිද්ද වෙයිද කියල අපි දන්නෙ නැහැ. ඇත්තටම කියනවනම් අපේ ජීවිතේ ගැන අපිට 100% control එකක් නැහැ.

අපිට අපේ ජීවිතෙත් අයිතියක් නැති වෙද්දි අපි කොහොමද අපේ නොවන දෙයක් සදහටම අයිති කරගන්නෙ? මං දන්නවා මෙතන ටිකක් විවාදාත්මකයි. ඔබ සමහරවිට කියයි මං එයාව ආත්ම ගණනාවක් පෙරුම් පුරාගෙන ආව කියලා. හරි! ඒක ඇත්ත. ඒත් ටිකක් හිතන්න ඒ හැමදේම තාවකාලිකයි නේද?

ආදරය කරන්න ඕන. ප්‍රේමය, ජීවිතය.... මේවා විඳින්න ඕන. ඒත් අපි හිතේ තියාගන්න වෙනවා දවසක හැමදේම අපෙන් මඟහැරෙන බව. ඒ නිසා ඔයා මොනවහරි දෙයක් ආදරෙන් භාරගන්නවා වගේම ඒ දේවල් ඈත්වෙද්දි මනසෙන් නොවැටී ඉන්නත් පුළුවන් කමක්, පොඩි ගටක් ඇතිකරගන්න වෙනවා.

බැඳීම් ඇතිකරගන්නවා වගේම නැතිවෙද්දි ලෝක යථාර්ථය මේකයි කියලා හිතල විශ්වාසයෙන්, ධෛර්යයෙන් ඒ දේවල් භාරගන්න පුළුවන් නම් මං හිතන්නෙ කවුරුත් නැතුව ඔයා තනිවෙන් නෑ. කවුරු ආවත් ගියත් අන්තිමට තමන්ට ඉතුරු වෙන්නෙ තමන් විතරයි කියල හැමතිස්සෙම මොළයේ පැත්තකට වෙන්න තියාගන්න. එහෙම තියාගෙන හැඟීම් එක්ක deal කරන්න. කවදාවත් වැරදෙන එකක් නෑ.

ගිහින් එන්නම්. ආයි හම්බෙමු....!!

Sunday, May 22, 2016

ඒක හීනයක් - ඒ හීනෙට මම ආදරෙයි


කල්පයක් පුරා පෙරමඟ
සිහිනයක් අසළ තුන්හිත
නවතිමින් දුටුව හීනයේ
කුමරියයි ඔයා

තනිකමින් ගෙවුණ තත්පර
පෙම් සිතුම් මවා හැඩකළ
සිත් දෙකක් එක්ව බැඳෙනා
දිනය පැමිණුනා


සිහිනයන් පුරා
සිතුවම් ඇන්ඳේ
ඔය රුව සැමදා

මතකයන් අරා
රැව් පිළි නැඟුණේ
නුඹවයි සැමදා


මියෙන තෙක් දිවියෙ කෙළවර
නුඹෙ ළඟින් හිඳිමි සැමවිට
වැළඳගමි හදට ළංකර
රැකගනිමි සදා

පිසදමා කඳුළු නෙතුඅග
සිනාසෙමි සුසුම් මඟහැර
ඇවිදයමු පැතුම් පොදි බැඳ
සෙනෙහසින් සදා


බදුලු අහසට....

බදුලු අහසම අඬන් ඇති
කඳුගැටෙහි ගුළිවෙච්ච
වළා රොද නැති පාලුවට,
එක රෑනෙ ඉගිලිච්ච
සියොත් කැල නැති
සාංකාවට,

විසිරුණේ නැතිවාට
දුන්හිඳේ පෙණ කැටිති
සහස් සිත් අසතුටින්
අසිරි සිරි මදිවාට...

සින්නක්කරව ඔප්පු ලියපු
සමනළ්ලු අන්ධයිලු
හිත් පතුලෙ කැකෑරෙන
වේදනා නොදැනෙන්න,

හිස් වෙච්ච ගොඩක් තැන්
පුරවන්න හැකිවේවි
හුදෙකලා නැති හිතට
වාරු වෙන කවියකට.......

කවුරුත් නැතුව 1 - තනියෙන් ඉන්න ඇත්තටම පුලුවන්ද?

කවුරුත් නැතුව 1 - තනියෙන් ඉන්න ඇත්තටම පුලුවන්ද?



# කවුරුත් නැතුව කියල ලොකුවට ලියන්න පටන් ගත්තට කාටහරි කවුරුත්ම  නැතුව න්න බැහැ.

@ නැහැ.පුලුවන්... ඇයි බැරි?

# බෑ... කොහේදි හරි අසරණ වෙනවා.තනි වෙනවා.

@ එහෙම තනියක් නැහැ. හිත හයිය කරගන්න තියෙන්නෙ.

# කියන්න හැමෝටම පුලුවන්. කරන්න ගියාමනේ ර‍ඟේ දැනෙන්නේ.

මේක දෙන්නෙක් අතර ඇතිවුණ දෙබසක්. ඔව් ඒ දෙන්නා තමයි මමයි, මමයි.මම කියපුවට උත්තර දුන්නෙත් මම මයි.

මං දන්නවා දැන් නිකං කොයිල් වගේ ඇති තමයි මේ ටික කියවද්දි. කොහොම උනත් කවුරුත් නැතුව තනියෙන් ඉන්න පුලුවන්ද කියල හිතන එකත් පොඩි challenge 1,පොඩි දෙගිඩියාවක්.

ඒත් ඒ දෙගිඩියාව පැත්තකින් තියලා  challenge 1 කරට අරන් අපි කතාකරන්න යන්නෙ කවුරුත් නැතුව ඉන්න එක ගැන.

ඇයි ලියන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද?

තියනවා. ඒත් තනිවුණ මිනිස්සු කොයි තරම් නම් විඳවනවද?  විඳවන එකෙන් නතර වෙන් නෑ.ජීවිතත් නැති කරගන්නවා. ජීවත් වෙන හැම තත්පරේකම හිත් වලින් පන අදිනවා. ඒත්..., තනිකම කියන්නේ ඒ තරම් විඳවන්න ඕනි දෙයක් ද? සමහරවිට ඒකෙත් පොඩි kick එකක්, ජීවිතේට උකහා ගන්න දෙයක්  තියෙන්න පුලුවන්. මං හදන්නේ අන්න ඒ දේවල් හොයාගෙන යන්න.

ඇයි මිනිස්සු තනි වෙන්නේ? සරලම හේතුව ආදරය කරන කෙනා දාලා යනවා. යාලුවෙක්  ඈත් වෙනවා. ළම කෙනෙක් අපි හිතමු ීවිතයෙන් සමු ගන්නවා. මේ වගේ තව තව හේතු තියෙන්න පුලුවන්.

කවුරු කෙහොම කිව්වත් ඒ වගේ තනිකමක්,වියෝවක්,වෙන්වීමක් එකපාර දරාගන්න, නාඩි වැඩකරන,හුස්ම වැටෙන,ධමනි-ිරා හරහා ලේ පොම්ම වෙන පංස්කන්ධයකට නම් පුලුවන් කමක් නැහැ.

ඒත් අපට මුහුණ දෙන්න වෙන පරාජයක්, කඩාවැටීමක් එතනින් එහාට ජීවිතේ ගෙවන මිනිත්තු තත්පරේකටම බලපාන මට්ටමකට up කරගන්න ඕනද? සමහරවිට ඔබ කියයි ඒ දේවල් හිතලා කරගන්නවා නෙමෙයි,ඉබේටම හිත්වලට වද දෙනවා කියල.
ඔව් අපි ඒ දේවල්වලට ආදරේ කරපු තරමටම ඒ දේවල් අහිමි වේදනාව විවන්න වෙනවා.

කතාව ඇත්ත.ඒත් මං කලින් කිව්වා වගේ ජීවිතේම අඩන්න වැළපෙන්න අපිට බැහැ. ගොඩඒමක් තියෙන්න ඕන. ගොඩඒමක් විතරක් නෙමෙයි, ගොඩ ඇවිත් පය ගහලා හිටගෙන ඉන්න හැකියාවකුත් තියෙන්න ඕන.

විවන්න දේවල් තියෙන්න ඕන.නැත්නම් ජීවිතේ කිසිම රහක් නෑ. ඒ වගේම කිසි කෙනෙක් සදාකාලිකවම අන්න ඕනත් නෑ. මේ අකුරු වෙන් කරන්නේ තනිකමෙන් මිරිකිච්, රිදුම් දෙන හිත්වලට.

ඒන්න අපි අලුත් අඩියක් ඉස්සරහට තියමු. පොඩි liberal concept ටිකක් බස්සලා කරලා ඔය කීරි ගැහෙන සිතුවිලිවලට ඔක්සිජන් ටිකක් ඇතුල් තරමු. ඉස්සො වඩේ එකක රහ රසාංකුර හිරිවැටෙන තරමට දැනෙන්න ගන්නේ එතකොට...

අදට ඉවරයි...දිගටම ඉන්න...