කඳුගැටෙහි ගුළිවෙච්ච
වළා රොද නැති පාලුවට,
එක රෑනෙ ඉගිලිච්ච
සියොත් කැල නැති
සාංකාවට,
විසිරුණේ නැතිවාට
දුන්හිඳේ පෙණ කැටිති
සහස් සිත් අසතුටින්
අසිරි සිරි මදිවාට...
සින්නක්කරව ඔප්පු ලියපු
සමනළ්ලු අන්ධයිලු
හිත් පතුලෙ කැකෑරෙන
වේදනා නොදැනෙන්න,
හිස් වෙච්ච ගොඩක් තැන්
පුරවන්න හැකිවේවි
හුදෙකලා නැති හිතට
වාරු වෙන කවියකට.......
No comments:
Post a Comment