Sunday, May 22, 2016

ඒක හීනයක් - ඒ හීනෙට මම ආදරෙයි


කල්පයක් පුරා පෙරමඟ
සිහිනයක් අසළ තුන්හිත
නවතිමින් දුටුව හීනයේ
කුමරියයි ඔයා

තනිකමින් ගෙවුණ තත්පර
පෙම් සිතුම් මවා හැඩකළ
සිත් දෙකක් එක්ව බැඳෙනා
දිනය පැමිණුනා


සිහිනයන් පුරා
සිතුවම් ඇන්ඳේ
ඔය රුව සැමදා

මතකයන් අරා
රැව් පිළි නැඟුණේ
නුඹවයි සැමදා


මියෙන තෙක් දිවියෙ කෙළවර
නුඹෙ ළඟින් හිඳිමි සැමවිට
වැළඳගමි හදට ළංකර
රැකගනිමි සදා

පිසදමා කඳුළු නෙතුඅග
සිනාසෙමි සුසුම් මඟහැර
ඇවිදයමු පැතුම් පොදි බැඳ
සෙනෙහසින් සදා


1 comment:

  1. වැළඳගමි හදට ළංකර
    රැකගනිමි සදා

    ReplyDelete